ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක්

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (2024/05/19) උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද  මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි.

ආරක්ෂක අංශ,  පලාතේ රාජ්‍ය ප්‍රධානීන් ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් ද මෙම රැස්වීමට සහභාගි වූහ.

ගරු ජනාධිපතිතුමා විසින් උතුරේ සිදුකිරීමට නියමිත වැඩසටහන් එම  වැඩසටහන් සඳහා වගකිව යුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරී, ආරක්ෂක ක්‍රියා පටිපාටි සහ න්‍යාය පත්‍ර සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.