ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී

උතුරු පලාතේ ජනතාව මුහුණදෙන ගැටලු හා අවශ්‍යතා හදුනාගෙන ඒ් සදහා විසදුම් ලබාදීමේ අරමුණින් උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන තවත් ජනහමුවක් නාගදීප ප්‍රදේශයේදී 20 වනදා පැවත්වුනි.
යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි දුෂ්කර ප්‍රදේශයක් ලෙස සැලකෙන නාගදීප බලප්‍රදේශයේ පවුල් 1000 කට ආසන්න ප්‍රමාණක් සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වෙයි.
නාගදීප උතුර , නාගදීප දකුණ සහ නාගදීප මධ්‍යම යන ග්‍රාමනිලධාරී වසම් 3 කින් සමන්විත මෙම ප්‍රදේශයේ බහුතර පවුල් ප්‍රමාණයක් ධීවර වෘත්තියේ නිරත වෙයි. මෙම ජනතාවගේ ගැටලු පිලිබදව සොයාබැලීමට පළමු වතාවට ගරු ආන්ඩුකාර වරයෙක් පැමිණීම පිළිබදව සිය සතුට පුදකල ඒම ප්‍රදේශයේ ජනතාව ගරු ආන්ඩුකාර තුමිය උණුසුම් ලෙස පිළිගැනීමටද කටයුතු කර තිබුණි.
මෙහිදී ජනතාව ඉදිරිපත්කල බොහෝ ප්‍රශ්න සදහා ඒම අවස්ථාවේම විසදුම් ලබාදීමට ආණ්ඩුකාර තුමිය කටයුතු කල අතර ඇතැම් ගැටලු සදහා අදාල අංශ සමග සාකච්ඡාකොට ඉදිරියේදී විසදුම් ලබාදීම පියවර ගැනුණි.
මෙම ප්‍රදේශයේ පිහිටි පාසල් තුනෙහි මානව හා භෞතික සම්පත් වල පවත්න අඩුපාඩු ගරු ආණ්ඩුකාර තුමියගේ අවධානයට යොමුකල අතර ඒම ගැටලුවලින් යම් ප්‍රමාණයක් විසදීමට ඒම අවස්ථාවේම කටයුතු කෙරුණි.
ප්‍රදේශයේ පවතින මාර්ග ,ඉඩම්, පානීය ජලඅවශ්‍යතා, පොදු සුභසාධන ,රැකීරක්ෂා , සනීපාරක්ෂක පහසුකම් ඇතුලු ගැටලු රැසක් මෙහිදී ඉදිරිපත් කෙරුනු අතර එම අවශ්‍යතා පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
නිවාස අහිමි වූවන් සදහා ස්ථීර නිවාස ලබාදෙන ලෙස කල ඉල්ලීමට පිළිතුරු ලබාදුන් ගරු ආන්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසා සිටියේ ගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස්මත ක්‍රියාත්මක උතුරු පලාතේ නිවාස 25,000 ක් අලුතින් ඉදිකර දීම වැඩසටහන යටතේ නාගදීප ප්‍රදේශයේ ජනතාවගේ නිවාස අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන බවයි.
මෙවැනි ජනහමුවක් පැවත්වීම පිළිබදව ජනතාව සිය ප්‍රශංශාවද මෙහිදී  ගරු ආන්ඩුකාර තුමියට පුදකොට සිටියහ.