කිලිනොච්චි ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම

කිලිනොච්චිය දිස්ත්‍රික් විශේෂ  සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024/07/12 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදු විය.  එමෙන්ම කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් කළමනාකරණ පුහුණු ආයතනයේ පිරිමි නේවාසිකාගාරය ද විවෘත කෙරිණි.