කාන්තා ව්‍යවසායකයින් සඳහා වඩා හොඳ වෙළඳපල අවස්ථාවක් ලබා ගැනීම අවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ නව වැඩසටහනක් එළිදැක්වීමේ උත්සවයක් වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය.
කැනේඩියානු ලෝක විශ්ව විද්‍යාල සේවය (WUSC) GRIT (වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව) නමින් නව වැඩසටහනක් දියත් කර ඇත්තේ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව යන අරමුණ ඇතිවය. GRIT ව්‍යාපෘතිය උතුරු පළාතේ කාන්තා ව්‍යවසායකයින් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරයි. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය කාන්තා ව්‍යවසායකයින් සඳහා ඇති පහසුකම් සහ වෙළඳපල අවස්ථා පිළිබඳව අවධාරණය කළාය.
උතුරු පළාතේ කාන්තා ව්‍යවසායකයින් සඳහා වන මූලික පහසුකම් වැඩිදියුණු කර ඔවුන් සඳහා වෙළඳපල අවස්ථා සලසා දිය යුතු බව ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
නිසි පුහුණුවක් ලබන ව්‍යවසායකයින් සමාජගත කළ යුතු බවද ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය. සමාජගත වීමේදී ලැබෙන පුහුණුව උතුරු පළාත තුළ ක්‍රියාකාරීව සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත හැකි බවද ඒ ආකාරයට ආරම්භ කළ හැකිව තිබූ නව ක්‍රියාකාරී සැලැස්ම සියලුම කාන්තා ව්‍යවසායිකාවන්ට මහඟු අවස්ථාවක් වනු ඇති බවද ගරු ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.