එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ පියෝ ස්මිත්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්විණි.
අධ්යක්ෂ පියෝ ස්මිත් ශ්‍රී ලංකාවට පැමිණ පවුල් සෞඛ්‍යය, කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය වැළැක්වීම ඇතුළු කරුණු පිළිබඳව කාන්තාවන්, තරුණයන් සහ ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කරමින් නිලධාරීන්, අංශ ප්‍රවීණයන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ සාකච්ඡා කොට එහි එහි තවත් පියවරක් ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය හමුවී එම පළාතේ වෙසෙන කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදි.
පොලිස් ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මත පදනම් වූ විමර්ශන ඒකකය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සහ දෙමළ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා වන පිරිස් සබඳතාව පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය මෙහිදී පැහැදිලි කළේය. කාන්තාවන් සඳහා වන කම්කරු නීති ප්‍රමාණවත් නොවන බව පැවසූ ගරු ආණ්ඩුකාරතුමිය කාන්තාවන්ට ආයතනික ආරක්ෂාවක් නොමැති බවද ප්‍රකාශ කළාය. සේවා ස්ථානවල කාන්තාවන්ට වැසිකිළි පහසුකම්, ආහාර පහසුකම් ඇතුළු බොහෝ දේ ප්‍රමාණවත් නොවන බවද මෙහිදී සඳහන් කළාය.
උතුරු පළාතේ කාන්තා මූලික පවුල් 65,000කට අධික සංඛ්‍යාවක් සිටියද ඔවුන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යෑම විශාල අරගලයක් බවද ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.උතුරු පළාතේ වෙසෙන කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව දැනගත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්යක්ෂ පියෝ ස්මිත් මහත්මිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමාගෙන් ඉල්ලා සිටියේ මෙහි කාන්තාවන්ට නායකත්වය ගෙන ඔවුන්ට ආදර්ශයක් වන ලෙසටයි.