ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ තෙදින නිල සංචාරයක නිරත ඒක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් ඇතුලු නියෝජිත පිරිස අද (11) දහවල් උතුරු පලාතේ සංචාරයක නිරත විය.
යාපනය නාවන්තුරෙයි මහජන ක්‍රීඩාංගනයට විශේෂ හෙලිකොප්ටර් යානයකින් පැමිණි ඈන් කුමරිය ඇතුලු පිරිස උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය විසින් පිළිගන්නා ලදි.
ඈන් කුමරිය උතුරට පැමිණීම පිළිබඳව සිය සතුට පලකර ආණ්ඩුකාර තුමිය ඈන් කුමරිය සමග සුහඳ පිළිසඳරකද නිරත විය. ඉන් අනතුරුව යාපනය මහජන පුස්තකාලය ඇතුලු ස්ථාන කිහිපයක සංචාරයක නිරත විය.