උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අද (2024.03.27)  හමුවී සාකච්ඡා වන නිරත  විය.යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි.
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරේ සිදු කර ඇති සහ දැනට කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ගරු ආණ්ඩුකාර තුමිය දැනුවත් කළේය.  උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ඔහු විමසා සිටියේය.
ඩයස්පෝරා සබඳතා උතුරු පළාතේ ඇති සම්පත් හඳුනාගෙන ආයෝජනය කළ යුතු බව ගරු ආණ්ඩුකාර තුමිය  මෙහිදී පැවසීය.  ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරා සබඳතා සඳහා මේ පිළිබඳව පැහැදිලි කරන ලෙසද ගරු ආණ්ඩුකාර තුමිය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.  උතුරු පළාතේ කර්මාන්ත දියුණු කිරීම තුළින් විරැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙන අතර ආර්ථික තත්ත්වය ද යහපත් වන බව ගරු ආණ්ඩුකාර තුමිය පෙන්වා දුන්නේය.උතුරු පලාතේ ජන ජීවිතය නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මහ කොමසාරිස් වරයාගේ ඇගයීමට ලක් විය.