උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම්

යුද්ධයෙන් නිදහස් වූ පළාතක් වශයෙන් උතුරු පළාත දක්නට ලැබෙන අතර මෙහි ජීවත් වන ජනතාවට සැබෑ නිදහසක් භුක්ති විඳීමේ පරිසරයක් ඇති කිරීමටනම් උතුරු පළාත් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාත් රාජ්‍ය සේවකයින් දැනුවත් කළේය.

2019 පෙබරවාරි 04 වන දින ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වනු ලැබූ 71වන නිදහස් දින සැමරුමේදී ආණ්ඩුකාර කාර්යාලීය කාර්ය මණ්ඩලය ඉදිරියේ තම අදහස් ප්‍රකාශ කරන අවස්ථාවේ එතුමන් මෙලෙස පැවසීය.

උතුරු පළාතේ ජනතාව දැවැන්ත ආර්ථික හා සංවර්ධන අර්බුදවලට මුහුණදෙමින් සිටින බැවින් මෙම ජනතාවගේ ජීවනෝපාය වැඩි කිරීම තුළින් ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට ගරු ආණ්ඩුකාරතුමා ඉටු කරනු ලබන කාර්යභාරය සඳහා උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ද එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදුන් අතර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව මගින් දියත් කරනු ලබන වැඩකටයුතු සැබවින්ම ජනතාව වෙතට ගෙන යෑමට සියලුදෙනා ඇපකැප වී සේවය කළ යුතු බවට පවසනු ලැබීය.

මෙම මොහොතේ ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ගාලුමුවදොර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 71වන නිදහස් උත්සවයට සහභාගි වී සිටියහ.