උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහ ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ හමුවක් අද (2024.03.05) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය විසින් උතුරේ නිදහස් නොකරන ලද ඉඩම් නිදහස් කිරීම පිලිබඳව අවධානය යොමුකරන ලෙසත් එම ඉඩම් පිළිබඳවද ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදි.

උතුරේ ආරක්ෂක අංශ සතු සිවිල් වැසියන්ගේ ඉඩම් නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කිරීම සම්බන්ධයෙන් කඩිනමින් අදාළ පාර්ශව වෙත එම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ යොමු කරන බවට ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ඒහිදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියට සහතික විය.