උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ජාව

 උතුරු පළාතේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්.ඉලංගෝවන් මහතාද සහභාගි විය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්, සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම, සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය, පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය, සංචාරක සංවර්ධන ව්‍යාපෘති, උරුමය ඔප්පු ප්‍රධානය, අධ්‍යාපන , කෘෂිකර්ම හා වාරි ව්‍යාපෘති, සෞඛ්‍ය අංශය, ආයෝජන ප්‍රවර්ධන කලාපය ( BOI) ව්‍යාපෘති ආදි අංශ රැසක් පිළිබඳව මෙහිදී ගරු ආණ්ඩුකාර තුමිය කරුණු පැහැදිලි කලාය.