උතුරු පළාත් වෘත්තිකයන් ගේ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් වෘත්තිකයන් අතර පැවැත් වෙන ක්‍රිකට් තරගය ඊයේ (28/04/2024) පස්වරුවේ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.  මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය.

මානසික ආතතිය අවම කර ගැනීමටත් ශාරීරික සෞඛ්‍යය පවත්වා ගැනීමටත් මෙවැනි ක්‍රීඩා තරග නිතර පැවැත්ව්ම කාලෝචිත  බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  ඊට අමතරව, තරඟවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයට වඩා සතුට සහ ශාරීරික සෞඛ්‍යය සලකා බැලිය යුතු දේවල් බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  පරාජිත කණ්ඩායමට මීළඟ ජයග්‍රහණය කරා ගමන් කරන ආකාරය ඉගෙන ගත හැකි බව ගරු ආණ්ඩුකාර තුමිය වැඩ් දුරටත් පැවසීය.

අන්තර් වෘත්තීය ක්‍රිකට් තරගයට සහභාගි වූ සියලුම ඉංජිනේරුවන්, නීතිඥවරුන් සහ වෛද්‍යවරුන් වෙත ගරු ආණ්ඩුකාර තුමිය විසින් සුබ පැතුම් එක් කළ අතර ඔවුන් වෙත පදක්කම් පළඳා උපහාර පුද කරන ලදී.  එමෙන්ම ක්‍රිකට් තරගය ජයගත් උතුරු පළාත් වෛද්‍ය කණ්ඩායමට ජය සංකේතය ගරු ආණ්ඩුකාර තුමිය අතින් ප්‍රදානය කෙරිණි.