උතුරු පළාත ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල සිට වැඩම කළ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්ත්වයෙන් උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් ඇරඹිණ. මෙහිදී උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග, අදහස් හා යෝජනා සාකච්ඡා කරනු ලැබිණ.
මෙම බොදු සමුළුව වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා ඇතුළු නිලධාරීන්, පළත් සභා මන්ත්‍රිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.