උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය V.P.සමන් ධර්මසිරි පතිරණ මහතා අද (24/04/2024) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය
අද සිය ධූරයේ වැඩ භාරගත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණ ගරු ආණ්ඩුකාර තුමිය හමුවී සාකච්ඡාක නිරත වූ අතර පලාතේ සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිලිබඳව මෙහිදී අවධානය යොමුවිය.

ගරු ආණ්ඩුකාර තුමිය විසින් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට  සුභ පැතුම් පුද කල අතර රෝගීන්ගේ අයිතීන් සම්බන්ධයෙන් මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව පැවසීය .ගරු ආණ්ඩුකාර තුමිය මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානයෙන් ක්‍රියා කළ යුතු බවද ප්‍රකාශ කළාය.  පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ගරු ආණ්ඩුකාර තුමිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නාය.