උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවයක් ඊයේ (02/04/2024) සවස යාපනය ඔස්මානියා විද්‍යාලයේ දී පැවැත්විණි.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය  මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූ අතර පසුව උත්සවය ඇමතූ ආණ්ඩුකාර තුමිය
“නිරාහාරව සිටීම මානසික දෙයක් පමණක් නොව ශාරීරික සෞඛ්‍යයට ද වැදගත් දෙයක් බවත් වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව පැවසීය.  මේ අනුව, මෙම උපවාසය ක්‍රියාත්මක වන්නේ ආගමට සූදානම් වන විට මනස සහ ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමයක් ලෙස බවත්
සියලුම ආගම් සමාජයට අවශ්‍ය සාරධර්ම, ප්‍රතිපත්ති, සමාජ අවශ්‍යතා, සමාජ සාධාරණත්වය, ජීවන ප්‍රතිපත්ති අවධාරණය කරනු ලබන බවත් පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය සමාජ විද්‍යාඥයින්ට අනුව මිනිසා සමාජ සත්වයෙකු ලෙස සැලකෙන බවත්  ආගම්  එවැන්නෙකුට මඟ පෙන්වන මෙවලමක් බවත් පැවසීය.නමුත් ආගමේ නාමයෙන් එකිනෙකාට පහර දීම, වධහිංසා පැමිණවීම, අමානුෂික ක්‍රියාවන් වේදනාකාරී බවත් ලෝකයේ බොහෝ රටවල අධ්‍යාත්මිකත්වය නමැති අසිරිමත් දෙය අවභාවිතා වෙන් විනාශය ලං කරගන්නා බවත් මෙහිදී පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය උතුරු පළාතේ වෙසෙන ජනතාව අතර වාර්ගික සහ ආගමික සහජීවනය ඇති කිරීමට පියවර ගන්නා ලෙස ගරු ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බවත් පැවසීය..  ඒ අනුව අපි උතුරු පළාතේ ආගමික නායකයින් හමුවී සාකච්ඡා කර ඇති අතර මීළඟ සාකච්ඡා වටය කඩිනමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් ගරු ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කළාය.  ආගමික නායකයින්ට පමණක් නොව ආගම් අදහන සියලු දෙනාටම ආගමික සහජීවනය ඇති විය යුතු බව අපගේ අපේක්ෂාව බවත් ගරු ආණ්ඩුකාර තුමිය මෙම වැඩසටහන අමතමින් වැඩිදුරටත් සඳහන් කළාය.