උතුරු පලාත් ජාතික ‌තෛපොන්ගල් උත්සවය ආණ්ඩුකාරතුමියගේ ප්‍රධනත්වයෙන් පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේදී

අතීතයේ පැවති චාරිත්‍රවලට මුල්තැන් දෙමින් උතුරු පලාත් අධ්‍යාපන ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කළ පලාත් තෛයිපොන්ගල් උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවත්වුණි.

පූනකරි ජෙයපුරම් කුඹුරු යායේ හෙල චාරිත්‍රාණුකූලව වී අස්වනු නෙලීම අණ්ඩුකර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අස්වැන්නේ පළමු කොටස හිරු දෙවියන්ට පූජා කිරීම අරමුණු කරගෙන ජෙයපුරම් නාගපූසනී අම්මාන් හින්දු කෝවිලෙහි කිරි උතුරවා නැව්ම් කිරිබතක් සකස්කොට දෙවියන් වෙත පූජා කොට රටටත් ජනතාවටත් ආශිර්වාද කිරීම මෙහිදී සිදුවිය.

මින් අනතුරුව පෙර කාලයේ පැවති චාරිත්‍ර වාරිත්‍ර හුවා දක්වමින් සංස්කෘතික අංග රැසකින් උත්සව සභාව වර්ණවත් වූ අතර ආණ්ඩුකාර තුමිය ඇතුලු ආරාධිත අමුත්තන් වෙත ගෞරව උපහාර දැක්වීමද මෙහිදී සිදුවිය.