උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය අද (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි.
මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය.
අද දින ආන්ඩුකාර කාර්යාලයේ පැවති තයිපොන්ගල් උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
හින්දු චාරිත්‍රාණුකූලව කිරි උතුරවා රටටත් ජනතාවටත් සාමය සතුට සෞභාග්‍ය ප්‍රාර්ථනාවෙන් තයිපොන්ගල් උත්සවය පැවති අතර මෙම මෙම තයිපොන්ගල් උත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම කිරිබත් පිසීමේ කටයුතු සඳහාද ඒක්වීම විශේෂත්වයකි.
තවද උතුරට අවේනික වූ සංස්කෘතික අංග කිහිපයකින් වර්ණවත් වෙමින් අද දින යාපනය ආණ්ඩුකාර කාර්යාල භූමියේදී තයිපොන්ගල් උත්සවය පැවත්වුණි.