අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ගරු උතුරු පළාත් ආණ්ඩුකාර  පී.එස්.එම්.චාල්ස් මහත්මිය ගේ සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.  මෙහිදී පසුගිය රැස්වීමේදී ගනු ලැබූ යෝජනාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර නව යෝජනා ද ඉදිරිපත් කෙරිණි.
 මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පැවසුවේ අධි ආරක්‍ෂිත කලාපවල පිහිටි පූජනීය ස්ථාන 21ක් හඳුනාගෙන ඇති අතර ඉන් 07ක් වන්දනාමාන කිරීම සඳහා නිදහස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇති බවයි.  කටුවාන්, වාසවිලාන් සහ බලලි විහාරස්ථාන ආගමික කටයුතු සඳහා නිදහස් කෙරේ.
 වසර 30කට වැඩි කාලයක් කිසිදු වන්දනාවක් සිදු නොකළ ඉහත කී විහාරස්ථාන වෙත ජනතාව පළමුව යා යුතු බවත්, ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳව හමුදාව සමඟ සාකච්ඡා කරන බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  ජනතාව යන විට මාධ්‍යවේදීන්ටත් අවසර දිය යුතු බව මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.  මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සලකා බලන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරු පැවසූහ.
 මේ අතර වන සම්පත් හා වනජීවී දෙපාර්තමේන්තුව යටතේ 1985 න් පසු අත්පත් කරගත් ඉඩම් සහ එළැඹෙන අප්‍රේල් මාසයේදී නිදහස් කරන ලෙස දෙපාර්තමේන්තු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරිය සමග කළ සාකච්ඡාව සාර්ථක බවද ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කළාය.මේඅතර ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.