අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ.

උතුරු පළාතේ සිසුන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම සහ අක්ෂි  සුරක්ෂිත තාවය ව්‍යාපෘතියේ පළමු අදියර අනිද්දා (03) ආරම්භ කෙරේ.  ඒ අනුව හෙට සිට ප්‍රාදේශීය අධ්‍යාපන වැඩමුළු හරහා අක්ෂි සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.  මෙම වැඩසටහන  ආරම්භ කර වැඩසටහන යාපනයේ සිදු කෙරෙන අතර පසුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ගුරුවරුන්ට ලබා දෙන පුහුණුව හරහා පාසල්වල සිසුන්ගේ දෘශ්‍ය හැකියාව පරීක්‍ෂා කර වාර්තා කිරීමෙන් පසු  හදුනාගත් සිසුන්  ගේ පෙනීම සම්බන්ධ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ.  ඒ අතරින් අසරණ සිසුන්ට ඇස් කණ්නාඩි ලබාදීමට නියමිතය.  ඇස් කණ්නාඩි ලබාදීමට නියමිත සිසුන්ගේ පවුල්වල ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන එම සිසුන් පාසල් අධ්‍යාපනය අවසන් කරන තුරු නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමට ද සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ මේ සඳහා සහභාගී වීමට නියමිතය.  යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය මුත්තුසාමි මලරාවන්ගේ මගපෙන්වීම යටතේ මාස 06ක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  ගේ අනුමැතිය ඇතිව සිදු කෙරෙන මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා මැලේසියාවේ සමාගමක් වන ඇලකා මුල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර ASSIST RR නම්  පුනරුත්ථාපන සංවිධානය සම්බන්ධීකරණය කරයි.