රමළාන් උත්සවය නිමිත්තෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතාගේ සුබපැතුම් පණිවිඩය:
මසක කාලයක් පුරා ශුද්ධ වූ උපවාසයේ නිරත වී, දේව භක්තියෙන් හා අධ්‍යාත්මික විනයෙන් යුතුව එය නිම කර, ඊදුල් ෆිතර් හෙවත් රමළාන් උත්සවය සමරන උතුරු පළාත ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව වෙත මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටට පත් වෙමි. රමළාන් උත්සවය යනු හුදෙක් ආහාර පානවලින් වැළකී සිටීම පමණක් නොව, ඉවසීම, කැපකිරීම, […]
