කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමක්රී ධර්ම මහා සංඝ සභාවේ 170 වන සංවත්සරය නිමිත්තෙන් යාපනය මහජන පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා සහභාගී විය.
මෙම උත්සවය අද (2025.11.12) බදාදා උදෑසන යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, 1981 දී තමන් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී පුස්තකාලය ගිනිබත් කළ බවත්, මෙය මහා ඛේදවාචකයක් බවත්ය. මෙවැනි පොත් බෙදා හැරීමේ උත්සව ප්‍රජාවන් අතර සබඳතා ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බව ද පැවසීය.
මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා සහ යාපනය මහ නගර සභා කොමසාරිස්වරයා සහභාගී විය.







