හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

හින්දු පූජක කමිටුවේ සභාපති සිවශ්‍රී කේ.වී.කේ. වෛදීශ්වර පූජකතුමා 2019 මාර්තු 04 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී උතුරු පළාතේ ආගම් අතර ඇති වී ඇති ගැටළු සහ උතුරු පළාතේ හින්දු ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවට ලක්විය.
එමෙන්ම මන්නාරම තිරුකේදීශ්වර දේවාල ප්‍රදේශයේ ඊයේ ඇතිවූ සිද්ධිය පිළිබඳවත් අවධානය යොමුකළ ගරු ආණ්ඩුකාරතුමා මෙම ගැටළු විසඳා ගැනීමේ අරමුණින් සියලුම ආගමි නියෝජිත කණ්ඩායමක් පත්කර සාකච්ඡා පැවැත්වීම තුළින් මෙම ගැටළු සමාජයක් වශයෙන් විසඳාගත හැකි බවට ගරු ආණ්ඩුකාරතුමා පැවසීය.
මෙම කමිටුවේ හින්දු ආගමික නියෝජිතයින් තිදෙනෙක්, ක්‍රිස්තියානි ආගමික නියෝජිතයින් තිදෙනෙක්, පොලිස් නිලධාරියෙකු, දිසාපතිවරයෙක් සහ පොදු සංවිධානයක් නියෝජනය කරන කෙනෙක් ඇතුළුව නියෝජිතයින් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන බවට ගරු ආණ්ඩුකාරතුමා පැවසීය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතාද සහභාගි විය.