ටිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හිටපු උපකුලපති මහාචාර්ය එස්. මෝහන දාස් මහතා රජයේ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට මුදල් තැන්පත් කර උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා වෙත අද සිකුරාදා (2025.12.19) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ලේඛනය භාර දුන්නේය.
මහාචාර්ය එස්. මෝහන දාස් මහතාගේ සහෝදරයා වන එස්. ගනේදාස් මහතා විසින් එම අරමුදලට රුපියල් මිලියනයක් තැන්පත් කර ඇත. ලේඛනය ආණ්ඩුකාරවරයාට භාර දීමෙන් පසු එය වහාම ජනාධිපති ලේකම් කාර්යාලයට යවන ලදී.


