සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස්

සංචාරකයින්ට නවාතැන් පහසුකම් සපයන්නන් සහ  මග පෙන්වන්නන් පළාත් පාලන ආයතනවල සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය පවසයි.

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (2024/04/18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.  උතුරු පළාතට පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

ඇතැම් ප්‍රදේශවල සංචාරකයින්ට නවාතැන් ගැනීමට තම නිවෙස්වලම කාමර ලබාදී මුළු නිවසම දිනපතා, සතිපතා සහ මාසිකව කුලියට දෙන බව සංචාරක නිලධාරීහු මෙහිදී පැවසූහ.  කෙසේ වෙතත්, එම පුද්ගලයින් කිසිදු දෙපාර්තමේන්තුවක ලියාපදිංචි වී නොමැති අතර නවාතැන් පහසුකම් ගැන සැලකිල්ලක් නොදක්වන බව ද නිලධාරීන් සඳහන් කළහ.

එවැනි පුද්ගලයන්ට අවශ්‍ය පුහුණුව ලබාදී ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම සහ ගුණාත්මක සේවාවක් සහ කටයුතු සිදු කරන ලෙස ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කළාය.ලියාපදිංචි නොකළ නවාතැන් සපයන්නන් පිළිබඳ තොරතුරු රැස්කර ඔවුන්ගේ සේවා නියාමනය කිරීමට පියවර ගන්නා ලෙසට ගරු ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

එසේම නිත්‍යානුකූලව ගුණාත්මක සේවාවක් සපයන පිරිස් වල ආදායම් තත්වය ඉහල නැංවීම උදෙසා සැලසුම් ගත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ගරු ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය