“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

“අප අතර ජීවත්වන ආබාධිත පුද්ගලයින්ගේ ගැටළු සහ අවස්ථාවන්” යන මාතෘකාව යටතේ යාපනය මහජන පුස්තකාලයේදී ඊයේ (05) සවස පවත්වන ලද උතුරු වට ෙම්ස සාකච්ඡාෙව්දී ආණ්ඩුකාරවරයා ෙම් බව ප්‍රකාශ කළේය.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන විවිධ අභියෝග පිළිබඳව ආණ්ඩුකාරවරයාට පැහැදිලි කළේය.

ආබාධිත පුද්ගලයින්ගේ අභියෝග හා අවශ්‍යතා පිළිබඳ ව සැළකිලිමත් වූ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ෙසායා බලා එ් සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදෙස් ලබා දෙන බවයි.

සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරයා විසින් විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරන ලද අතර දැනට 3% ක් වන ආබාධිත පුද්ගලයින්ගේ රැකියා අනුපාතය ලබන ජනවාරි සිට 6% දක්වා ඉහළ නැංවීමට තමන් අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් වැඩි කරන බවත් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

– NP Governor’s Media Unit