ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ කෘෂිකාර්මික ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් සුසිල් ප්‍රේම් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මල්ලාවි විද්‍යාලයන් ආරම්භ වේ

මෙරට සියලුම පාසල් පද්ධතිය තුළ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරිමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිග වැටුප් ගෙවීම සදහා එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත්  අධ්‍යාපන ගැටලුවලදි උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසදීම වඩාත් සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ මුලතිව් මල්ලාවි විද්‍යාලයේ කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශය,පළාත් අධ්‍යාපන අමාත්‍යංශය,උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේඛම් කාර්යාලය,ආණ්ඩුකාර කාර්යාලය,ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු ආයතන රැසක සහය ඇතිව උතුරු පළාතේ පාසල් 150 ක් ඉලක්ක කර ගනිමින් ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගාව ආරම්භ කෙරිණි.මෙම ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගාව සාර්ථක වීඇති අතර මුලතිව් මල්ලාවි විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර හෙට අවසන් වේ.කෘෂිකර්ම ගැටලුව විසදීම නව තාක්ෂණික දැනුම ගොව්ජනතාවට ලබා දිම කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරිම සදහා උපදේශන ක්‍රියා ලබා දිම මෙම ප්‍රදර්ශන භූමියේදි සිදු වේ . පාසල් දරුවන් දසදහසක් ප්‍රදර්ශනය නැරඹිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එම දරුවන් සදහා දිවා ආහාරය ලබා දිමට  කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා පාසල් 87 ක් සදහා රුපියල් 150000 මුදල් චෙක්පත් ප්‍රදානය අමාත්‍යවරයා අතින් සිදු විය.මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය, අමාත්‍ය කාදර් මස්තාන්,පාර්ලිමේන්තු මන්ත්‍රි කුලසිංහන් දීලිපන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.