වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය විවෘත කෙරේ

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය (26/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 3329ක සහන ණය යෝජනා ක්‍රමය යටතේ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය ඉදි කෙරිණි.

2019 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ.   නව ගොඩනැගිල්ලට හෘද රෝග ඒකකයක්,  රසායනාගාරය, හෘද හදිසි ප්‍රතිකාර ඒකකය (හෘද දැඩි සත්කාර ඒකකය), Echo Cardiography, වකුගඩු රෝගීන් සඳහා වන රුධිර පිරිසිදු කිරීමේ ඒකකය, ස්කෑන් ඒකකය, ආදී නවීන පහසුකම් රැසකින් සමන්විතය.