රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට තුළ ජාතීන් අතර සහජීවනය ගොඩනැංවීමේදී ආගමික සමගිය කඩාකප්පල් වීම පරාජය කිරීමේ ශක්තිමත් බාවය ඉතා වැදගත් බව ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කලේ යාපනයේ පිහිටි ආගමික සිද්ධස්ථාන සඳහා අවශ්‍ය උපකරණ තොගයක් අද (09) දින ප්‍රධානය කරමිනි.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම වැඩසටහනේ ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කල ප්‍රතිපාදන මත නල්ලූර් උතුර චන්ද්‍රසේකර පිල්ලෙයාර් කෝවිල, ආවරන්කාල් ශිව කෝවිල, යාපනය ශ්‍රී නාග විහාරය, ඉලවාලෙයි ශාන්ත ප්ලිප්පාරිස් කිතුණු දේවස්ථානය වෙතට මෙහිදී උපකරණ බෙදා දෙන ලදි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ආගමික නායකයින් මෙහිදී ප්‍රකාශ කර සිටියේ උතුරු පලාතේ ආගමික සංහිදියාව ගොඩනැංවීම සඳහාත් ප්‍රදේශයේ සංවර්ධනය උදෙසාත් ආන්ඩුකාර තුමිය දරන මෙම උත්සහය සහ ක්‍රියාමාර්ගයන් පැසසුමට ලක්කරන බවටය.