යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය (CTRB) අද (24/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, යාපනය වෛද්‍ය පීඨයේ පීඨාධිපති, විශ්වවිද්‍යාල ලේඛකාධිකාරී, කථිකාචාර්යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රුපියල් මිලියන 942 ක වියදමින් යාපනය ශික්ෂණ රෝහල ආසන්නයේ මහල් 08 කින් සමන්විත මෙම ගොඩනැඟිලි කොටස වර්ග මීටර් 6000 ක  වපසරියක පිහිටා ඇත.

එහි වෛද්‍ය විෂය මාලාව සඳහා දේශන ශාලා, විභාග ශාලා, ශ්‍රවණාගාර සහ වෛද්‍ය කුසලතා සංවර්ධන රසායනාගාර ඇත.

පිරිස් මාරු කිරීමේ කාමර, පිළිගැනීමේ ප්‍රදේශය, රෝගීන් රැඳී සිටීමේ කාමර ඇතුළු බොහෝ පහසුකම් ද මෙම නව ගොඩනැඟිලි කොටසෙහි දක්නට ලැබේ.
එසේම ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානයක් (RCC) මෙහි ස්ථාපිත කර ඇත.  ගෝලීය පර්යේෂකයන්ට සහයෝගීතාව සැපයීම, වෛද්‍ය නවෝත්පාදන ප්‍රවර්ධනය සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා කලාපීය සහයෝගීතා මධ්‍යස්ථානය ද මෙහි ස්ථාපිත කර ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එම්.එස් චාල්ස් මහත්මිය මෙසේ අදහස් පළ කළාය

“අද පැවැත්වෙන උත්සවය යාපනය විශ්වවිද්‍යාලයට දැවැන්ත සන්ධිස්ථානයක්.  පසුගිය මාර්තු මාසයේදී මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා ඉදිකිරීම් කටයුතු අවසන් වූ වහාම මෙම ගොඩනැඟිල්ල විවෘත කර එහි සේවා පහසුකම් ලබාගැනීමට ඉඩ සලසන ලෙස එම ඉල්ලීම පිළිගත් බවත් මැයි මාසයේදී ගොඩනැගිල්ල විවෘත කරන බවත් ගරු ජනාධිපතිතුමා පැවසූවා.  එතැන් සිට එතුමන් එක වරක්වත් ඒ ගැන කතා කළේ නැහැ.  කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදිම ජනාධිපතිතුමා අද මෙම ගොඩනැගිල්ල විවෘත කළේ එය නායකත්වයේ හොඳම ආදර්ශය ලබා දෙමින්.  ශ්‍රේෂ්ඨ නායකයෙක් වැඩ කරන්නේ මෙහෙමයි.  අපේ ජනාධිපතිතුමා ආර්ථික අර්බුදයක සිරවී සිටි රට යළි ගොඩනැගීමට කටයුතු කළ නායකයායි.  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය, ඉන්ධන හිඟය, විදුලිය හිඟය නිසා රට අඳුරේ ගිලී තිබියදී එතුමන් නායකත්වය ගෙන අභියෝග රැසකට තනි පුද්ගලයකු ලෙස මුහුණ දී රටේ පරිවර්තනයක් කළා . එවැනි ජනාධිපතිවරයෙකුගේ නියෝජිතයෙකු ලෙස උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.”