යාපනය මිතුරු මිතුරියන්ගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රජා නායකයින්ට උපහාර පිදීමේ වැඩසටහනක්

යාපනය මිතුරෝ සංගමයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනයේ පෞද්ගලික හෝටලයක ඊයේ (19/05/2024) සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.  එම්.චාල්ස් මහත්මිය සහභාගි විය.

මෙහිදී ප්‍රජා නායකයින්ට උපහාර වශයෙන් මුද්දර නිකුත් කිරීම සහ ප්‍රජා නායකයන් පිරිසක් වෙත උපහාර පිදීමත් ඊට සමගාමිව  ප්‍රසංගයක් ද පැවැත්විණි.

“මෙවැනි වැඩසටහන් සංහිඳියාව ඇති කිරීමට අවස්ථාවක් උදා කරයි.  අවශ්‍යතා අනුව ජනතාවට සේවා අවශ්‍යයි.  සමාජයක් ප්‍රකෘතිමත් වීමට අවශ්‍ය බොහෝ දේ තිබේ.  අද ආගමික නායකයින්, විද්වතුන්, කලා ක්ෂේත්‍රයේ අය උපහාර ලැබූ අතර එය මහා සංහිඳියා ක්‍රියාවලියක් වැනිය.  අසල්වැසි රටක් වන ඉන්දියාව අපගේ ක්‍රියාකාරකම් සඳහා නොයෙක් ආකාරයෙන් සහයෝගය ලබාදෙමින් සිටියි.  එසේම අතිගරු ජනාධිපතිතුමා අතින් 24 වැනිදා සිට 26 වැනිදා දක්වා උතුරේ ව්‍යාපෘති රැසක් විවෘත කිරීමට නියමිතයි.  උපාධිධාරී ගුරුවරුන් සඳහා පත්වීම් ලබාදීමට නියමිතයි.  ඉඩම් බලපත්‍ර ලබාදීමට නියමිතයි.  මේ ආකාරයට උතුරු පළාතේ සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් සිදු කරනවා යැයි මෙම අවස්ථාවට එක්වූ

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සව සභාව අමතා දේශනයක් පවත්වමින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.