යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ගරු ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු සංචාරක තොරතුරු මධ්‍යස්ථානය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය විසින් අද (25/06/2024) විවෘත කරන ලදී.

සංචාරකයින්ට උතුරු පළාතේ පහසුවෙන් නැරඹිය හැකි ඓතිහාසික ස්ථාන, පූජනීය ස්ථාන ආදිය ඇතුළත් සංචාරක මාර්ගෝපදේශ පොත් මෙම සන්නිවේදන මධ්‍යස්ථානයෙන් නොමිලේ ලබා ගත හැක.  එමෙන්ම උතුරු පළාතේ නිෂ්පාදිත අත්කම් භාණ්ඩ ද මෙහි අලෙවි කෙරේ.

සංචාරකයින් සඳහා වූ සන්නිවේදන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු ගරු ආණ්ඩුකාර තුමිය ගුවන් තොටුපළ මෙහෙයුම් පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ගුවන් මගීන් සමඟ සුහද කතාබහක නිරත විය.

සංචාරකයින් සඳහා වූ සන්නිවේදන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, සංචාරක කාර්යාංශයේ සභාපති සහ ගුවන් තොටුපළ නිලධාරීන් එක්ව සිටියහ.