යාපනය නෙල්ලිඅඩි වාණිජ මණ්ඩලයේ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී .එස්.එම් චාල්ස් මහත්මිය සහභාගී විය.

 මෙහිදී නෙල්ලිඅඩි ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 15 දෙනෙකුට උපහාර පිරිනැමිණි.  එමෙන්ම අධ්‍යාපන, වෛද්‍ය, ආගමික සහ සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වූවන් 04 දෙනෙකු ද මෙහිදී උපහාරයට ලක් විය.  ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි

එමෙන්ම නෙල්ලිඅඩි ප්‍රදේශයේ සිසුන් 12 දෙනෙකු සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු විය.