යාපනය නව බස් නැවතුම්පළෙන් ප්‍රවාහන සේවා සැපයීම පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කරයි.

යාපනය නව බස් නැවතුම්පොළේ සිට දුර පලාත් වෙතට බස් ධාවනය කිරීමේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත. ඒ උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මෙලෙස  අද (2024.03.01) දින පත් කරන ලදී.
යාපනයේ සිට දුර පළාත්වලට ධාවනය වන පෞද්ගලික බස් රථවල  හිමියන්ගේ ඉල්ලීම පරිදි ඊයේ (2024.02.29) පැවති රැස්වීමකදී ගරු ආණ්ඩුකාරතුමිය ප්‍රකාශ කළේ පවතින ගැටලු සොයා බලා නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත් කරන බවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව යාපනය නව බස් නැවතුම්පළේ සිට දුරගමන් සේවා සඳහා යෙදවිය හැකි ආකාරය පිළිබඳව අද පත්කළ පංච පුද්ගල කමිටුවක් විමර්ශනය කරයි.
මේ සම්බන්ධයෙන් වන නිර්දේශ සහ යෝජනා සතියක් ඇතුළත ගරු ආණ්ඩුකාරතුමිය වෙත ඉදිරිපත් කරන ලෙසද උපදෙස් ලබා දී ඇත.