යාපනය දිස්ත්‍රික් රදගුරු හිමිපාණන්ගේ පැවිදි ස්වර්ණ ජයන්තිය සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි.

යාපනය දිස්ත්‍රික් රදගුරු Jasrin Baynard Gnanaprakasam Andagai පියතුමාගේ 50 වන දේවගැති සේවයේ ස්වර්ණ ජයන්තිය ඊයේ (24/04/2024) සවස පැවැත්විණි.  යාපනය ප්‍රධාන කිතුනු දේවස්ථාන යේ පැවති මෙම උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.  චාල්ස් මහත්මිය ද සහභාගී විය.

යාපනය මේරියන් ආසන දෙව්මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව ජස්‍රින් බයිනාඩ් ඥානප්‍රකාශම් අන්දගයි රදගුරු හිමිපාණන්ගේ පැවිදි සේවයට උපහාර පිදීමේ උත්සවයක් ද පැවැත්විණි.