මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

මුලතිව් පුදුකුඩිරිප්පු සංවර්ධන සභාව සහ පුදුකුඩිරිපු ලන්ඩන් ශාඛාව එක්ව ඊයේ (06/04/2024) පුදුකුඩිඉරිප්පු සංස්කෘතික උත්සවය සංවිධානය කරන ලදී.  පුදුකුඩිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ ස්වර්ණ ජුබිලි ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියයි.

මෙහිදී  උත්සව සභාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය පැවසුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පරිපාලනමය වශයෙන් සහ ජනතා අවශ්‍යතා සම්බන්ධ විවිධ ගැටලු පවතින බවත්, ඒවාට විසඳුම් සෙවීමේ විශාල වගකීමක් පවතින බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සමාජීය මහජන සංවිධානවලින් ලැබෙන ඉල්ලීම් පිළිබඳව ඉතා සාධනීය ලෙස සලකා බලන බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.

උතුරු පළාතේ දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් ගුරු ස්ථාන මාරුවීම් සිදුකරන බැවින් පාසල් රැසක ගුරු පුරප්පාඩු පවතින බව ද ගරු ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කලාය..  මෙම ගැටලුව සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා නොකිරීමද විශාල ගැටලුවක් ලෙස සැලකේ.  එබැවින් මේ පිළිබඳව සොයා බලා අදාළ දත්ත රැස්කර නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගුරුවරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සතුටට කරුණක් බව ගරු ආණ්ඩුකාර තුමිය පෙන්වා දුන්නාය.එසේම ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ගරු ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කළාය.උතුරු පලාතේ නිවාස 31000 ඉදිකිරීම කඩිනමින් සිදුකිරීම තුලින් නිවාස නොමැති ජනතාවට ඉන් මහත් පිටිවහලක් වෙන බවද ආණ්ඩුකාර තුමිය සදහන් කළාය