මන්නාරම දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන්.

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලු දෙනා එකමුතුව ක්‍රියා කළ යුතු බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපති තුමා මෙම අදහස් පළ කළේය මන්නාරම දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට (16) එක් වෙමිනි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රැස්වීම පැවැත්විණි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

මඩු වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත් වල නියැලීම සඳහා අවස්ථාව සලසා දීමටත් මඩු දේවස්ථානය අවට මාර්ගය ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බවත් ගරු ජනාධිපති තුමා මෙහිදී පැවසීය.

මන්නාරම රෝහල සංවර්ධනය කිරීමට හා රෝහලට අවශ්‍ය CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දිමට පියවර ගන්නා බවත් මන්නාරම දිස්ත්‍රික්කයේ ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි වසර පහ තුළ වේගවත් සංවර්ධනයක් සිදු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

මෙහිදී මහජන නියෝජිතයන් ඉදිරිපත් කළ බොහෝ ගැටළු සදහා විසදුම් ලබා දීමට හැකිවිය.
මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා ගරු ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් ඉටු කරන සේවාවන් පිළිබඳව ස්තුතිය පිරිනමන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය මෙහිදී පැවසීය.