මන්නාරම දිස්ත්‍රික්කයේ “උරුමය ” ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව සදහා “උරුමය” ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන (16) මන්නාරම නගර සභා ශ්‍රවණාගාරයේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඉඩම් වල සින්නක්කර අයිතිය ජනතාව වෙත ප්‍රධානය කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන “උරුමය” වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් පන් දහසකට පළමු අදියරේ ඔප්පු ලබාදීමට නියමිත අතර අද දින පවුල් 442 ක් සදහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් ඔප්පු ප්‍රධානය කෙරිණි.

එමෙන්ම පසුගිය කාලයේදී වගා හානි සිදු වූ ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි මුදල් චෙක් පත් සහ පොහොර සහනාධාර මුදල් චෙක් පත් ප්‍රධානය කිරීම ද සිදු විය.උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.