පශු සම්පත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් නිලධාරීන් උපදෙස්

ගවයන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස් මත  පශු සම්පත් අංශයේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.ගව පාලනය කරන්නන් අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බවත්, පිටස්තර දිස්ත්‍රික්කවලට ගවයින් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදීමේදී බලධාරීන් අදාළ නීතිමය ප්‍රතිපාදන අනුගමනය කළ යුතු බවත් ගරු ආණ්ඩුකාර පී .එස්.එම් චාල්ස් මහත්මිය පවසයි.

එමෙන්ම, උපතින් මාස 18ක් ඇතුළත පැටවුන්ට කන් ටැග් සවි කිරීම අනිවාර්ය කරන ලෙසත්, එසේ නොකරන ගවයන් ඇති කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ගරු ආණ්ඩුකාර තුමිය උපදෙස් දෙන ලදී..  එමෙන්ම මස් පිණිස ඝාතනය කරන ගවයින්ගේ කන් ටැග් පරීක්ෂා කර නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන මස් ඝාතක ස්ථාන සහ අලෙවි කරන ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කරන ලෙසද ගරු ආණ්ඩුකාර තුමිය උපදෙස් දෙනු ලැබූවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.