පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී

2023 වර්ෂයේ පලාත් සභාවල සහ පලාත්පාලන ආයතනවල ප්‍රගතිසමාලෝචන් පිළිබඳ රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) දින පැවත්වුණි.

පලාත් ගරු ආණ්ඩුකාර වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්විය. ඩිජිටල්කරණය ආදායම් එකතුකිරීමට යොදාගැනීම , විදුලිබිල අවම කිරීමට සූර්ය බලශක්තිය යොදාගැනීමත් උසාවි දඩ සහ මුද්දර ආදායම් පලාත් පාලන ආයතනවල කටයුතු සඳහා යොදාගැනීම ස්ථානගත ගුරු පුරප්පාඩු පිරවීම, බහුකාර්ය සේවකයින් ස්ථානගත කිරීම ඇතුලු කරුණු රැසක් මෙම සාකච්ඡාවට ලක්විය.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ පලාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්ධුලසේන මහතාද උතුරු පලාත වෙනුවෙන් මෙම වැඩසටහනට එක්විය.