නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

 නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය මෙවර යාපනයේදී පැවැත්වේ.  බැඩ්මින්ටන් තරගමාලාවේ සමාරම්භක උත්සවය අද (2024/07/31) යාපනය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය.

රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 514කගේ සහභාගිත්වයෙන් අද ආරම්භ වූ 9 වැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 04 වැනිදා පැවැත්වේ.  මෙම තරග අංශ 33ක් යටතේ පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වන අංශයද මෙවර ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

9 වැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය.

“කොයි රටේ ජීවත් වුණත් ලෝක දෙමළ බැඩ්මින්ටන් සංගමයේ සාමාජිකයන් ක්‍රියා කරන්නේ තමන්ගේ භූමිය කිසිදා අමතක නොකරන අය ලෙසයි.  තම ජනතාවට ආධාර සැපයීම සඳහා විදේශ රටවල විවිධ අභියෝගවලට මුහුණ දෙයි.  එවැනි එක් උපකාරයක් තමයි මේ බැඩ්මින්ටන් සංගමයේ අරමුණ.  එක් එක් මානව  ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම සභාව ගෝලීය වශයෙන් ස්ථාපිත වී තිබීම ප්‍රශංසනීයයි.  හොඳ දේ පිළිගැනීමට සහ එය අගය කිරීමට හා ගෞරව කිරීමට අප ඉගෙන ගත යුතුය.  සෑම කෙනෙකුම එය ඉගෙන ගත යුතුය.  එය තරුණ ප්‍රජාවටත් ඉගැන්විය යුතුයි.  ක්‍රිඩාව ශාරීරික ව්යායාමයක් ලෙස පමණක් නොව, මානසික  සුවය සැලසෙන කාරණයක් ලෙසද සැලකිය යුතුය.  ඒ වගේම මාතෘභූමිය වෙනුවෙන් උදවු කරන ඩයස්පෝරා ඥාතීන්ටත් මේ අවස්ථාවේදී මගේ කෘතඥතාව පළ කරනවා.