නත්තල් සහ නව වසර උදාව නිමිත්තෙන් යාපනය ඔරලෝසු කුළුණේ විදුලි අලංකාර ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි.

නත්තල් සහ නව වසර උදාව නිමිත්තෙන්, ඩෑන් (DAN) රූපවාහිනී නාලිකා සමූහයේ සංවිධානයෙන් අලංකාර කරනු ලැබූ යාපනය ඔරලෝසු කුළුණේ විදුලි අලංකාර ආරම්භ කිරීමේ උත්සවය ඊයේ අඟහරුවාදා (23.12.2025) රාත්‍රියේ පැවැත්විණි. මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලින්ගම් වේදනායකන් මහත්මයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී විදුලි අලංකාරය නිල වශයෙන් විවෘත කළේය.

උත්සවයේ ආරම්භයේදී, රටේ මෑත කාලීන ස්වාභාවික විපත් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතාවට ගෞරව දැක්වීමක් ලෙස ගරු ආණ්ඩුකාරතුමා අනුස්මරණ පහන් දල්වාය. එයින් අනතුරුව ඔරලෝසු කුළුණේ විදුලි අලංකාර ආලෝකමත් කරමින් උත්සවය ආරම්භ කළේය.

තවද, මෙම උත්සවයේ කොටසක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත් පාසල් පාසල් සිසුන්ට ඩෑන් (DAN) රූපවාහිනී නාලිකා සමූහය විසින් අධ්‍යාපන උපකරණ බෙදාදීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ක. ඉලංකුමාරන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ම. ප්‍රදීපන්, යාපනය මහ නගර සභාවේ ගරු නගරාධිපතිනි වි. මතිවදනි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.