ඩෝන් ටීවී හි ‘සාදනයි තමිලන්’ 2025 සම්මාන ප්‍රදාන උත්සවය යාපනයේ පැවැත්විණි.

ඩෝන් ටීවී ආයතනය විසින් පිරිනමන ‘සාදනයි තමිලන්’ සම්මානය සඳහා 2025 වසරට අදාල සම්මාන ප්‍රදාන උත්සවය යාපනයේ පැවැත්විණි.

යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මණ්ඩපයේ ඊයේ (17.01.2025) රාත්‍රියේ ඩෑන් දුරදර්ශනය විසින් සංවිධානය කර තිබූ පොංගල් උත්සව විශේෂ වැඩසටහනේදී මෙම සම්මානය පිරිනමන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලින්ගම් වේදනායකන් මහතා, උතුරු පළාත් ගරු සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.සිරිදරන් මහතා සහ යාපනය මහ නගර සභාවේ ගරු නගරාධිපතිනි මහත්මිය වි.මතිවදනි යන මහත්ම මහත්මීන් එක්ව 2025 වසර සඳහා වූ ‘සාදනයි තමිලන්’ සම්මානය නාදස්වර චක්‍රවර්ති බාලමුරුගන් මහතා වෙත පිරිනමා ගෞරව කළහ.

ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය දැක්වූ පුද්ගලයින් තෝරාගෙන ඩෑන් දුරදර්ශන ආයතනය වාර්ෂිකව මෙම සම්මානය පිරිනමමින් සිටී. එම අනුව මෙවර නාදස්වර චක්‍රවර්ති බාලමුරුගන් මහතා මෙම සම්මානය සඳහා තෝරාගැනීම විශේෂත්වයකි.