ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික දීපාවලී උත්සවය ඊයේ (12) දින වව්නියාව කන්දසාමි හින්දු කෝවිල් පරිශ්‍රෙය්දී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විණි.

ජාතික දීපාවලී උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණි.

ඊයේ පස්වරුවේ පැවති මෙම ජාතික දීපාවලී උත්සවයේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද දීපාවලී සුභ පැතුම් පණිවිඩය අමාත්‍යවරයා විසින් උත්සවයේදී දැනුම් දෙන ලදි.

ආගමික හා සංස්කෘතික කටයුතු වලට මුල්තැන දෙමින් ජාතික දීපාවලී උත්සවය උත්සවාකාරයේන් වව්නියාවේදී ආරම්භ වූවේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

උතුරු පලාතේ රාජ්‍ය දීපාවලී උත්සවය පැවත්වීම සඳහා රජය විසින් පියවර ගෙන තිබීමද ප්‍රසාදය පලකරන බවට මෙහිදී උතුරු පලාතේ හින්දු ජනතාව වැඩිදුරටත් පැවසූහ.