උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2025.10.31) සිකුරාදා සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී අනලයිතිව් සහ එසුවයිතිව් කලාපවල අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් පළමු සාකච්ඡාවේදී ගත් තීරණයට අනුව, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වයි. ජයචන්ද්‍රන් මහතා ඉහත ප්‍රදේශවලට සෘජුවම ක්ෂේත්‍ර චාරිකාවක් පවත්වා සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේය. ඒ අනුව ගත යුතු පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව ද අද සාකච්ඡාවේදී සාකච්ඡා කෙරිණි.
ලබන වසරේ යාපනය හින්දු විද්‍යාලයේ සහාය ඇතිව පැවැත්වෙන අධ්‍යාපන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අතිරේක පන්ති පැවැත්වීමට ද අද සාකච්ඡාවේදී තීරණය කර ඇත.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, පරිපාලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කයිට්ස් ප්‍රාදේශීය ලේකම් සහ යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පති සහභාගී වූහ.




