කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් 2025.11.20 බ්‍රහස්පතින්දා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කාන්තා කටයුතු අමාත්‍යාංශය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු එක් එක් දෙපාර්තමේන්තුවල ව්‍යාපෘතිවල ප්‍රගතිය සවිස්තරාත්මකව පරීක්ෂා කරන ලද අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ දුෂ්කරතා සහ ඒවාට විසඳුම් ද ඉදිරිපත් කරන ලදී.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් සී. සත්‍යසීලන්, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්. නන්තගෝපාලන්, සැලසුම් හා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – පළාත් අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් යන මහත්වරු සහභාගී වූහ.





