කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි කරවඩි ප්‍රදේශයේ අවන්හල් 13 ක් සහ ෆාමසි 4 ක් පසුගිය 24 වනදා හදිසි පරීක්ෂාවක් සිදු කරන ලදී.

එක් ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරයකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් වල්ලෙයි, පුරපෝරුකි, කුන්ජර්කාඩයි, නවලර්මාඩම් සහ නෙලියඩි යන ප්‍රදේශ අාවරණය වන පරිදි මෙම පරීක්ෂාව සිදු විය.

බොහෝ අවන්හල්වල සනීපාරක්ෂක ගැටළු හසු කර ගැනීමට හැකි විය. දිගු කලක් තිස්සේ රිජිෆෝම් පෙට්ටිවල ගබඩා කර තිබූ උණුසුම් රොටී දක්නට ලැබුණු අතර අැතැම් අවන්හල්වල ආහාර පිළියෙල කරන ස්ථානය අසල කුඩා සතුන් දක්නට ලැබිණි. පිසින ලද සහ නොපිසින ලද ආහාර ශීතකරණයේ එකට ගබඩා කර ඇති බව නිරීක්ෂණය විය. අැතැම් අවන්හල්වල අාවරණය ෙනාකරන ලද කුණු බඳුන් කිහිපයක් හසුවිය. බොහෝ අවන්හල්වල ගෘහස්ථ මැස්සන් විශාල වශයෙන් දක්නට ලැබිණි.

අවන්හල් 5 ක තිබී සොයාගත් සෞඛ්‍යයට අහිතකර ආහාර විනාශ කරන ලද අතර අවන්හල් 6 කට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.

ෆාමසි පරීක්‍ෂා කිරීෙම් දී රාජකාරියේ යෙදී සිටි බොහෝ සේවකයින්ට වෛද්‍ය සහතික නොමැති අතර අැතැම් ඔසුසැල්වල ඔෟෂධවේදීන් නොමැති බව නිරීක්ෂණය විය.