මුලතිව් දිස්ත්රික්කයේ කනුකර්නි ගම්මානයේ ජනතාව විසින් එම ප්රදේශයේ හමුදාව, ප්රදේශයේ නළ ළිං වලින් අධික ලෙස ජලය පරිභෝජනය කරන බවට කරන ලද පැමිණිල්ලක් අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ගැටළුව විමර්ශනය කිරීම සඳහා පසුගිය 03 වනදා ආණ්ඩුකාරවරයාගේ ප්රධානත්වයෙන් මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී විශේෂ හමුවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා මාරිටෙම්පත්තු ප්රාදේශීය ලේකම්, මාරිටෙම්පත්තු ප්රදේශීය සභාවේ සභාපති, හමුදාවේ නියෝජිතයින් සහ ප්රදේශයේ ජනතාව සහභාගී වූහ. කනුකර්නි වෙනුවට විකල්ප ස්ථාන තුනක් හඳුනාගනිමින් ජලය ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක් තෝරා ගැනීමට ආණ්ඩුකාරවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.
මෙම අදහස සියලු පාර්ශවයන් විසින් පිළිගනු ලැබූ අතර ඔක්තෝබර් 31 දිනට පෙර මෙම ගැටළුව විසඳන බව ඔවුහු පැවසූහ.
මෙම රැස්වීමට වන්නි පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ති ශ්රී ස්කන්ධරාජා සහ චාල්ස් නිර්මලනාදන් යන මහත්වරු ද සහභාගී වූහ.