උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනය, මනිපායි හරිත අනුස්මරණ රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනයේදී පුහුණු හෙදියන් සහ වෛද්‍ය සහායකයින් සඳහා සහතික පත්‍ර සහ නිල ඇඳුම් ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාස හයක NVQ සහතිකය සහ තෙවසරක හෙද පුහුණු සහතික පත්‍ර ගරු ආණ්ඩුකාරතුමිය විසින් මෙහිදී පිළිගැන්වීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පවත්වූ අතර ඒහිදී ගරු ආණ්ඩුකාර තුමිය විසින් පවසා සිටියේ,
උතුරේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදිය යුතුයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන්ට අධ්‍යාපනයට අදාළ වෘත්තීය අධ්‍යාපනයද ඉතා වැදගත් බව ගරු ආණ්ඩුකාරතුමිය පවසා සිටි අතර බොහෝ දෙනෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොමැති අතර ඔවුන්ට අවශ්‍ය කාර්මික දැනුම මෙන්ම තාක්ෂණික පුහුණුවත් එක්ක භාෂා පුහුණුවත් දිය යුතුයි.

යහපත්, සුදුසුකම් ඇති, පෞරුෂයෙන් පිරිපුන් මිනිසුන් බිහිකිරීම අවශ්‍ය බවත් ආසියාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය ලෙස ආරම්භ කළ යාපනය මානිප්පායි හරිත අනුස්මරණ රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනය හරහා එවැනි පුහුණුවක් ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.