උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති වරිය ගරු ආණ්ඩුකාර තුමියට දන්වයි

ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති May-Elin Stener මහත්මිය අද (06/05/2024) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

උතුරු පළාතේ සිදුකෙරෙන නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉඩම් නිදහස් කිරීම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු, සංචාරක සංවර්ධන, අධ්‍යාපනය, ස්වභාවික බලශක්ති සම්පත් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා.  නමුත් සංචාරක මග පෙන්වන්නන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ, නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නැහැ, සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට ආයෝජන අවශ්‍ය බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.

ඉගෙනුම් කටයුතු සහ වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වන තරුණ තරුණියන් සඳහා විකල්ප මාර්ග සකස් කළ යුතු බව ද ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති May-Elin Stener මහත්මිය උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගිතාව අඛණ්ඩව ලබාදීමට සූදානම් බවත්, ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන බවත් පැවසීය.