උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම

උතුරු පළාතේ පාසල් සිසු සිසුවියන්ගේ දෘශ්‍ය හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස  ක්‍රියාත්මක වූ දර්ශන ප්‍රස්ථාර නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා.  යාපනය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය වෙත අද  දෘෂ්ටි පරීක්ෂණ කාඩ්පත් භාර දෙන ලදී.
යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය මුත්තුසාමි මලරාවන්ගේ මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා විෂන් කෙයා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කණ්ඩායමක් විසින් දෘෂ්ටි සත්කාර කාඩ්පත් ගරු ආණ්ඩුකාර තුමිය වෙත ප්‍රදානය කරන ලදී.
උතුරු පළාතේ සිසුන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අප්‍රේල් තුන්වැනිදා ආරම්භ විය.  ඒ අනුව අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු කලාප අධ්‍යාපන වැඩමුළු හරහා සිදු කර ඇත.
ගුරුවරුන්ට ලබා දෙන පුහුණුව හරහා පාසල්වල දරු දැරියන් පරීක්ෂා කර වාර්තා කිරීමෙන් පසු සිසුන්ට පෙනීම සම්බන්ධ ප්‍රතිකාර සඳහා යොමු කෙරේ.  පාසල්වල සිසුවියන් ගේ ඇස් පරීක්ෂා කිරීම සඳහා දර්ශන ප්‍රස්ථාර ලබාදීම සිදු කර තිබේ.  මේවා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත ලබා දෙන අතර, එතැන් සිට පාසල් වෙත බෙදා හැරීමට පියවර ගැනේ.