උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපතිවරුන් වන  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය ගේ සහ, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී . එස්.  එම්.  චාල්ස් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්  නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වසර  තුළදී අවසන් කළ යුතු බවට ගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කරන බව ගරු ආණ්ඩුකාර තුමිය දන්වා සිටියාය.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල්වල සාමාජිකයන්, හිතවතුන් සහ ඥාතීන් 1500ක් පමණ නිවෙස්වල රැඳී සිටින බවත් ඔවුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විය යුතු බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  එමෙන්ම නැවත පදිංචි වූ ජනතාවගේ නිවෙස්වලට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය  නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

මේ අතර, උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ගරු ආණ්ඩුකාර තුමිය දැනුම් දුන්නාය.  රජය ක්‍රියාත්මක කරන සින්නක්කර ඉඩම් හිමිකම් ලබාදීම උරුමය වැඩසටහන කඩිනම් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඇය පැවසීය.  කෙසේ වෙතත් මැයි මාසය අවසන් වන විට උතුරු පළාතේ 60,000කට ඉඩම් හිමියන් වෙත උරුමය ඔප්පු ලබාදීමට නියමිතයි බවත්

උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡා සහ සැලසුම් අවසන් අදියරට පැමිණ ඇති බවත් ආණ්ඩුකාර තුමිය පැවසීය.  ඩෙල්ෆ් ප්‍රදේශයේ ජනතාව සඳහා නිවාස 76ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇති බවත්
යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම වහා නතර කරන ලෙස දන්වා ඇති බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  නිසි භූගත ජල සමීක්ෂණයකින් තොරව ඇතැම් පෞද්ගලික ආයතන නළ ළිං සකස් කරන බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී චෝදනාවක් එල්ල විය.  ගරු ආණ්ඩුකාර තුමිය මේ සම්බන්ධයෙන් අදාළ රජයේ දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දුන් අතර නීති කඩ කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන්නාය.

නගර සංවර්ධන ව්‍යාපෘති වලදී මහජනතාවට පහසුවෙන් සේවා ලබා ගත හැකි පරිදි සැලසුම් සකස් කළ යුතු බව  පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය සෑම දෙපාර්තමේන්තු ව්‍යාපෘතියක්ම කලාපවලට බෙදා ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි සංවර්ධනය කළ යුතු බව  ද පැවසීය.